තිස්දහස ඉක්ම වූ බන්ධනාගාරගත සිරකරුවන් ...

Report

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවැසු අතර තව දුරටත් අදහස් දැක වූ ඔහු කියා සිටියේ, යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ය.

අනුරාධපුරයට භූ කම්පනයක්...

අනුරාධපුරයට භූ කම්පනයක්...

සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කර සිටියේ ය.

එමෙන් ම, ඉන් 900 ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බව ද ඔහු කීය.

දඩ මුදල් වැඩි වේ...

දඩ මුදල් වැඩි වේ...

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දීර්ඝකාලීනව තිබුණ බවත් මෙම නව බඳවා ගැනීම්වලින් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.