අගමැති පුතුන් තිදෙනාම ශ්‍රී ලංකාවෙන් යයි?..

Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Rohitha Rajapakshe Yoshitha Rajapakshe
By Aruna Nov 07, 2021 05:04 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආදී ශාන්ත තෝමස් කක්‍රිකට් කණ්ඩායමත් සමගයි.

පසුගියදා අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියා.

කළුතර ක්‍රීඩා සමාජ පිල නියෝජනය කරමින් නාවික හමුදා පිල සමග පැවති මේ තරගයේදී ඔහු ක්‍රීඩා කලේ ආරම්භක පිතිකරු ලෙසටයි.

මේවන විට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් සිටින අතර වැඩිමහල් පුත් කක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ඩුබායි වෙත යාමට සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha