අයහපත් කාළගුණය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවත් තීරණයක්.. පාසල් සිසුන්ට දැනුම්දීමක්..
By krishani
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා වසා තැබෙන බවට තොරතුරු වාර්තා වේ.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.
එය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ කියා සිටියේ ය.
කෙසේ වෙතත්, අද (07) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස් වී තිබෙනවා.
ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.
එහිදී එම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.