හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගේ තහනමකට නැවතත් අධිකරණය දුන් තීන්දුව..

Sri lanka Former Governor of the Central Bank Mr.Ajith Niward Kabral A travel ban
By krishani Apr 18, 2022 06:13 AM GMT
krishani

krishani

Report

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) යළි සිතාසි නිකුත් කළේය.

ඒ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළේය.

කබ්රාල් මහතාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබෙන ද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන චෝදනා සම්බන්ධයෙන් කබ්රාල් මහතා ට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join