හිටපු මහබැංකු අධිපති කබ්‍රාල්ට ගොනුකර තිබූ නඩුවකට කොටුව මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව..
By krishani
තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද(07) නැවත විභාගයට ගත් අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඇප ලබා දී තිබේ.
ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට රුපියල් මිලියනයක මුදල් ඇපයක් නියම කර තිබෙන අතර ඇමරිකාවේ අසාදු ලේඛනගත 'ඉමාට් ශා සුබෙයිරි' නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොරව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට මෙම නඩුව හරහා චෝදනා කර තිබිණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |