මැතිවරණ අපේක්ෂකයින්ට පොලිසියෙන් උපදෙස්...
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, පොලිසිය පවසා ඇත්තේ, අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම්වලට පොලීසිය දැඩි ආරක්ෂාව යොදා තිබුණද අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේ දී සහ නික්ම යාමේ දී ආධාරකරුවන් පිරිවරාගෙන කටයුතු කිරීම තුළ පවතින දැඩි අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවයි.
එපමණක් නොව, පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කළුවර ස්ථානවල රැස්වීම් පැවැත්වීම මඟින් ආරක්ෂක අංශ අසීරු තත්වයකට පත්ව සිටින බවද ය.
එමෙන් ම, ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තාවක් දෛනිකව ලබා ගැනීමට ද තීරණය කර ඇත.