ඡන්ද පත්‍රිකා 80%ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට...
මේ වනවිට නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.
ඒ අනුව,එම මැතිවරණ ඡන්ද පත්‍රිකා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
එමෙන් ම, මෙම සතිය අවසන් වන විට නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය මුද්‍රණාලය සඳහන් කළේ ය.
මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.