බස් මඟීන්ට ටිකට් නොදුන්නොත් කොන්දොස්තරලට කරන්නේ මේකයි

Report

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙයි.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පවසා ඇත්තේ පසුගිය 03 වන දා පටන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට හසුවන ​පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ට පළමු අදියර යටතේ දින තුනක සේවය අත්හිටුවීමක් සිදු කරන බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම සභාපතිවරයා සඳහ කළේ මීට අමතරව එම කොන්දොස්තරවරුන්ගෙන් රුපියල් හත්සිය පනහක (750) ගාස්තුවක් අයකරගෙන විශේෂිත පාඨමාලාවකට ද යොමු කරන බවයි.

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

එබැවින් ඔක්තෝබර් 01 වන දා පටන් ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස් රථ වැටලීම් ආරම්භ කළ අතර පළමු දිනයේදී ප්‍රවේශපත්‍ර නොදුන් බස් 22කට විරුද්දාව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවරගෙන ගෙන ඇත.

එසේම වැටලීමේ දෙවැනි දිනයේදී එවැනි බස් රථ 11කට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම බස්නාහිර පළාතේ මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට