මේ අවුරුද්දෙ විතරක් රිය අනතුරු 685 ක්

Accident Office of Public Health Sinhala news
By Mithu Apr 19, 2025 01:44 AM GMT
Mithu

Mithu

Report

 2025 වසරේ මේ දක්වා කාල සීමාවේදී සිදුවූ රිය අනතුරු 685ක් හේතුවෙන් පුද්ගලයන් 713 දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. පසුගිය වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා මාරක රිය අනතුරු 713කින් පුද්ගලයන් 744 දෙනකු හට ජීවිත අහිමිව තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ 2024 වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ කාලසීමාවේ සිදුවූ මාරක රිය අනතුරු 28 ක අඩුවීමක් වාර්තා වී ඇති බවයි. මේ අතර 2024 වසරේ උත්සව සමයේ සිදුවූ රිය අනතුරු 103කින් පුද්ගල මරණ 105ක් සිදුව ඇත.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

පොලිසිය පැවැසුවේ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මේ කාලය තුළ රිය අනතුරු 23 ක අඩුවීමක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනකු මියගොස් තිබිණි.

වාර්තා වන සමස්ත අනතුරු ප්‍රමාණය අතුරින් යතුරුපැදි අනතුරු සිදුවීම ඉහළ බවත් යතුරුපැදි අනතුරු හේතුවෙන් බහුලව තරුණ පිරිසට ජීවිත අහිමි වන බවත් පොලිසිය පැවැසීය. ඒ අනුව 2024 වසරේ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් 781ක් සහ පසු පැදිකරුවන් 194 දෙනකු මියගොස් ඇත.

සංඛ්‍යා ලේඛනවලට අනුව සිදුවන සමස්ත අනතුරු ප්‍රමාණය අතුරින් බහුතර අනතුරු ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වේ.

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

ReeCha