මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

Photoshoot Israel World
By Zara Apr 18, 2025 04:45 PM GMT
Zara

Zara

Report

වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් නම් කර තිබෙනවා.

මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ, කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් විසිනි.

මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය. බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබෙනවා.

අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද මෙම ඡායාරූප ශිල්පියා ගෙනගොස් ඇත.

අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍යවෙත පවසා තිබෙනවා.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම. ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.  

පළමු දිනයේදීම විශාල පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී

පළමු දිනයේදීම විශාල පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී

දක්ෂිණ අධිවේගයේ ඇතිවූ තදබදය - මොකද්ද මේකට හේතුව?

දක්ෂිණ අධිවේගයේ ඇතිවූ තදබදය - මොකද්ද මේකට හේතුව?


Gallery
ReeCha