අයියා මලෝ දෙන්නාම එකටම අවසන් ගමන් ගිය මාරක අනතුර..

By Piyumika Nov 21, 2024 10:00 AM GMT
Report

මුලතිව් මාන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පවසයි.

මුලතිව් මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් සොයුරන් දෙදෙනෙකු ගමන්කොට ඇති අතර මල්ලාවි සිට මාන්කුලම් දෙසට තවත් තරුණයෙකු යතුරුපැදියක් ධවනය කිරීමේදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

කලබල වුනු පාර රියදුරු බලපත්‍රය ගිල්ල හිටපු පොලිස් නිල දරුවා..

කලබල වුනු පාර රියදුරු බලපත්‍රය ගිල්ල හිටපු පොලිස් නිල දරුවා..

අනතුරින් මාන්කුලම් සිට ගමන්කල සොයුරන් දෙදෙනාම අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් ඇති අතර මල්ලාවි සිට පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ අවුරුදු 20 ක් වයසැති විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නැමති 23 හැවිරිදි දෙදෙනෙකි.

එළඹෙන උත්සව සමයේ වෙළද මහතුන් සුපරීක්ෂාකාරී වෙන්න..නොකියාම මේ අය ඔයා ලගට එන්න පුළුවන්..

එළඹෙන උත්සව සමයේ වෙළද මහතුන් සුපරීක්ෂාකාරී වෙන්න..නොකියාම මේ අය ඔයා ලගට එන්න පුළුවන්..

අධික වේගය හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපල කරන අතර මාන්කුලාම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.