ආරක්ෂක අංශයෙන් ඉවත් වූ අය ගැන වැඩ බලන පොලිස්පති කියපු අමුතු කතාව..

Sri Lanka Police Sri Lanka Inspector General of Police
By Piyumika Sep 30, 2024 09:09 AM GMT
Piyumika

Piyumika

Report

ත්‍රිවිධ හමුදාවලින් හා පොලිසියෙන් ඉවත් වූ හත්සිය පනහක පමණ පිරිසක් අපරාධවල නිරතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් හමුවේ අවධාරණය කළේය.

කියපු ගානට වැඩ වැඩියෙන් වියදම් කලාද එහෙනම් බලාගෙන..

කියපු ගානට වැඩ වැඩියෙන් වියදම් කලාද එහෙනම් බලාගෙන..

කලකට ඉහතදී කළ නිරීක්ෂණ මගින් මෙම තොරතුරු අනාවරණය වූ බවත් ඒ අතරින් වැඩිම අපරාධකරුවන් පිරිසක් යුද හමුදාවෙන් ඉවත්වූවන් බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති ධුරයට පත් ප්‍රියන්ත වීරසූරිය පෙරේදා (28 වැනිදා) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදාගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

නිවසට යමින් සිටි මාධ්‍යවේදිනියකට ත්‍රිරෝද රථ රියදුරුගෙන් අතවර..

නිවසට යමින් සිටි මාධ්‍යවේදිනියකට ත්‍රිරෝද රථ රියදුරුගෙන් අතවර..

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙසේද කීවේය.

පොලිසිය දිගින් දිගටම මෙහෙයුම්වල නිරත වුණා. යුක්තිය මෙහෙයුමේ දී සමස්ත දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ඒ අරමුණ වෙනුවෙන් යෙදවූවා. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී පැවැති අඩුපාඩු අපි නිරීක්ෂණය කළා. පොලිසියට අණ පනත්වලින් ලැබී තිබෙන බලතල අනුව ඉදිරියේ දී මෙම මෙහෙයුම් නොනවත්වා ඉදිරියට ගෙන යනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් ස්ථාන මගින් නිරන්තරව සිදු කරනවා. වෙනත් රාජකාරි වල යොදවා සිටි නිලධාරීන් ද මේ සඳහා යොමු කරමින් මීට වඩා වැඩි ධාරිතාවකින් ඉදිරියේ දී මෙම මෙහෙයුම් සිදු කරනවා.

ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරගාවලි බලන්න යන්න ඉන්න ඔයාට දැනුම්දීමක්..

ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරගාවලි බලන්න යන්න ඉන්න ඔයාට දැනුම්දීමක්..

පොලිසියේ නිලධාරි හිඟයක් පවතිනවා. මේ වනවිට වෙනත් රාජකාරිවල යොදවා සිටි පිරිස් නැවත කැඳවා තිබෙනවා. මහජන සේවය නිසි ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව තමයි මේ කැඳවීම් කරන්නේ. විශේෂයෙන්ම අපරාධ වැළැක්වීමට මේ අය කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවය කරන අය අපරාධ වලට සම්බන්ධ වූ අවස්ථා ඉතිහාසයේ සිටම වාර්තා වී තිබෙනවා. ඒ අයත් මේ සමාජයේම කොටසක්. පොලිසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරව කටයුතු කරනවා. ඊට අමතරව අපරාධ වැළැක්වීම, අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීම, අධිකරණ කටයුතු නිසියාකාරව මෙහෙයවීම පොලිස් ස්ථාන මගින් සිදු කරනවා. පොලිස් නිලධාරීන්ගෙන් ඒ කටයුතු නිසි ලෙස ඉටු නොවනවා නම් අපිට දැනුම් දෙන්න. මහජන ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමේ වගකීම පොලිසියට පැවරී තිබෙනවා යැයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%