නිවසට යමින් සිටි මාධ්‍යවේදිනියකට ත්‍රිරෝද රථ රියදුරුගෙන් අතවර..

Report

සේවය නිමවා නිවසට යමින් සිටි මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කළ බව පැවසෙන යුද හමුදාවෙන් පලා ආ සෙබළකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස..

කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සාමාන්‍ය සෙබළකු වන අතර  මෙම පුද්ගලයා කිලිනොච්චිය කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී මාස තුනකට පෙර නිවාඩු ලබා පැමිණ යළි සේවයට වාර්තා නොකර කුලී ගමන් ලබාදෙන සමාගමකට සම්බන්ධ වී ත්‍රිරෝද රථයක් හයර් කරමින් සිට ඇත.

එසේ සිටින අතරතුරදී මත්තේගොඩ පොල්ගඕවිට පාර ප්‍රදේශයට කුලී ගමනක් පැමිණ එය අවසන් කර යළි කුලී ගමන් ඇණවුමක් ලැබෙන තෙක් මහමග රැඳී සිටියදී සේවය නිමවා නිවසට යමින් සිටි තරුණියක් ත්‍රිරෝද රථය පසු කරමින් ගොස් ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් ඉසුරුපාය වටළයි..(VIDEO)

එසේ යන අවස්ථාවේදී සැකකරු ඇයගේ සිරුර ස්පර්ශ කරමින් ලිංගික අතවරයක් කර ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව කලබලයට පත්වූ තරුණිය කෑ ගසනවාත් සමග අසල්වාසීන් එම ස්ථානයට පැමිණෙද්දී සැකකරු සැඟව සිට ඇත.

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

මම මන්ත්‍රී .. මම පොලිසියේ..අවසානෙට දෙන්නම රෝහලේ..

පසුව ප්‍රදේශවාසීන් ඔහු සොයා අවට පරීක්ෂා කිරීමේදී ඉන්ධන නොමැතිව ත්‍රිරෝද රථය නැවතුණු බව පවසමින් සැඟව සිටි සැකකරු පලායාමට උත්සාහ කර ඇත. එහිදී ඔහුට පලායාමට ඉඩ නොදී 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජීප් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන සැකකරු ත්‍රිරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS)

බොලිවුඩයේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය..(VIDEO/PHOTOS)

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදාවෙන් පලා ආ අයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.