කියපු ගානට වැඩ වැඩියෙන් වියදම් කලාද එහෙනම් බලාගෙන..

Election Commission of Sri Lanka Sri Lanka Income Tax Department Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 30, 2024 02:47 AM GMT
Piyumika

Piyumika

Report

 ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අංගොඩ ජිලේ ගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවේ..

අංගොඩ ජිලේ ගේ ප්‍රධාන ගෝලයෙකු කොටුවේ..

ජනාධිපතිවරණයට තරග කරන ලද එක් එක් අපේක්ෂකයා ප්‍රචාරක වියදම් සඳහා වැයකරන ලද මුදල සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනම සොයා බැලීමක් සිදුකරන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පැවසුවාය.

කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS)

කවදාවත් වෙලා නැති විදිහට හිතන්නවත් බැරි විදිහේ කෙනෙක් මේ පාර විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙලා ..(VIDEO/PHOTOS)

අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන මුදල කොතෙක්දැයි යන්න සොයා බැලීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයිද ඇය කීවාය. ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් සිය ප්‍රචාරක වියදම් සඳහා වැය කරන ලද මුදල සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතුය.

එම වාර්තාව මහජනතාවගේ ප්‍රදර්ශනයට තැබීමටද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%