රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

Report

“Bandaranaike International Airport” නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි.

ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර..

ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර..

එම ව්‍යාජ ෆේස්බුක් පිටුව හරහා ‘අපි ගුවන් තොටුපල ගබඩාව පිරිසිදු කර නැතිවූ ගමන් මලු විකුණන්නෙමු’ යනුවෙන් සඳහන් කරමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බව එම සමාගම නිවේදනය කළේය.

විවිධ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපාංග වලින් පිරී ඇති එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර ඇතැයි ද එම සමාගම පවසයි.

සම්ප්‍රදාය වෙනස් වුනු නිසා රහස් පිරුණු බංගලා අයේ දෙන්න බැරුව ඉන්න මහජන නියෝජිතයෝ..

සම්ප්‍රදාය වෙනස් වුනු නිසා රහස් පිරුණු බංගලා අයේ දෙන්න බැරුව ඉන්න මහජන නියෝජිතයෝ..

එලෙස කිසිඳු ආකාරයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගමන් මලු අලෙවි නොකරන බව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම එම නිවේදනය මගින් අවධාරණය කරයි.

එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසය.

Gallery