සම්ප්‍රදාය වෙනස් වුනු නිසා රහස් පිරුණු බංගලා අයේ දෙන්න බැරුව ඉන්න මහජන නියෝජිතයෝ..

Colombo Sri Lanka Politician Sri Lanka Harini Amarasuriya
By Piyumika Oct 20, 2024 03:11 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ 07 පිහිටි ඇමැති නිල නිවාස 34 න් 29 ක යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙතෙක් භාරදී නැති අතර, එම නිල නිවාසවල තිබෙන භාණ්ඩ මොනවාදැයි යන්න සම්බන්ධව කිසිදු තොරතුරක් එම අමාත්‍යාංශය සතුව නොමැති බවට තොරතුරු අනාවරණය වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම නිල නිවාස පිහිටි ඉඩම් අක්කර භාගයත් අක්කරයත් අතර භූමි ප්‍රමාණවලින් යුතු වේ.

වැව මාළු රසට කැමති ඔයාට නවතම අනාවරණයක් ගැන තොරතුරු..

වැව මාළු රසට කැමති ඔයාට නවතම අනාවරණයක් ගැන තොරතුරු..

මෙතෙක් මෙම නිල නිවාසවල සිටි ඇමැතිවරුන් කර ඇත්තේ අදාළ යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාර නොදී එම නිල නිවාසයට ඊළඟට එන ඇමැතිවරයාට බාරදීම බව පැවසේ.

මෙම නිල නිවාසවල පදිංචි ඇමැතිවරුන්, නිල නිවාසයට අවශ්‍ය භාණ්ඩ තමන් ඇමැති ධුරය දරන අමාත්‍යාංශය හරහා මිලදී ගෙන ඇති අතර, මෙලෙස මිලදී ගත් භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් එම නිල නිවාසවල තිබෙනවාද යන්න පිළිබඳවත් තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතුව නැතැයි අනාවරණය වේ.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී පවසා ඇත්තේ මෙම නිල නිවාසවල යතුරු වහාම බාර ගැනීමට නීතිමය වශයෙන් හෝ කටයුතු කරන ලෙසත්, එම නිල නිවාසවල තිබෙන දේපොළ ආරක්ෂා කරගැනීම සඳහා පොලිස් ආරක්ෂාව යොදවන ලෙසය.

වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කළ තරුෂි..

වසර 39ක් පැරණි වාර්තාවක් අලුත් කළ තරුෂි..

කෙසේ නමුත්, ඇමැති නිල නිවාසවල යතුරු ඇත්තේ කොහේද කියාවත් නොදන්නා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රජයේ නිලධාරීන් සඳහා කොළඹ 07 ඉදිකර තිබෙන සමුළු නිල නිවාස සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයිද තොරතුරු අනාවරණය වේ.

මෙරට පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව ඉදිකරන ලද මෙම නිල නිවාසවල පදිංචි රජයේ සේවකයින්ම ඒවායේ අලුත් වැඩියා කටයුතු කළයුතු බවට එම අමාත්‍යාංශය විසින්ම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇතැයිද පැවසේ.

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

19 න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් පීඩාවට පත් කරන පුහුණුකරු...නමගිය කෙනෙක්ගේ දියණියකට විතරලු සැලකිල්ල..

මෙම සමුළු නිල නිවාසවල පදිංචිකරුවන්ට මහල් නිවාස ඉදිකරන බවට පසුගිය රජයන් ප්‍රකාශ කරනු ලැබූවත් මෙතෙක් එම වැඩපිළිවෙළද ක්‍රියාත්මක නොවන බවට තොරතුරු අනාවරණය වේ.

මේ අතර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් වසර දෙකක් භාවිත කර කොළඹ හිල්ටන් හෝටලයේ ගාල්කර දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයා ගත්තේය.

මේ අයුරින් මැති ඇමැතිවරුන් විසින් සඟවන ලද තවත් බොහෝ දේ මෙම නිවාසවල තිබිය හැකි බවත්, රහස් රැසක් මේ තුළින් එළියට ඒමට ඉඩ ඇති බවත් නිලධාරීහු පවසති.