කලක පටන් තිබු ගිනි පුපුරු ..ජීවිතයකුත් වනසගෙනම ඇවිලෙයි..

By Piyumika Nov 25, 2024 08:23 AM GMT
Report

 කොළඹ - ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර අතිවූ ගැටුමකින් අවුරුදු 17ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූයේ ගෙලට වූ බරපතල තුවාල හේතුවෙන් එම තරුණයා මිය ගිය බවයි.

පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී තිබෙනවා.

සුජීවගේ සුඛෝපභෝගි රථය පිළිබද අධිකරණය ගත් තීරණය..

සුජීවගේ සුඛෝපභෝගි රථය පිළිබද අධිකරණය ගත් තීරණය..

මියගොස් තිබුණේ වැල්ලම්පිටිය වෙහෙර ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අශෝක්  කුමාර් දනුෂන් නමැති තරුණයෙකි.

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත 13 වත්තේදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා.

කලක සිට පැවැති ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවත්, ගෙළ ප්‍රදේශයේ බරපතළ කැපීම් තුවාල හේතුවෙන් රෝහල්ගත කළ 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත්, පොලිසිය සඳහන් කළා.

කොච්චර කිව්වත් අහල නෑ..හිටපු මන්ත්‍රීවරු 5ක් කරලා තියන දේ..

කොච්චර කිව්වත් අහල නෑ..හිටපු මන්ත්‍රීවරු 5ක් කරලා තියන දේ..

මෙම පහරදීමෙන් ඩී. මෝසස් නමැති 16 හැවිරිදි තවත් තරුණයෙකු ද තුවාල ලබා ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙත්‍රයෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

You may like this video