කොච්චර කිව්වත් අහල නෑ..හිටපු මන්ත්‍රීවරු 5ක් කරලා තියන දේ..
By Piyumika
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගත වී තිබෙනවා.
මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරු 80 දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇති අතර, තව භාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බවද වාර්තා වනවා.
වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර තිබෙනවා.
නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත වන අතර, නවක මන්ත්‍රීවරු 40 දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
You may like this video