කළමණාකරණ සහකාරවරියක් කාලයක පටන් කරපු දෙයක් මාට්ටු වේ..

Report

රුපියල් ලක්ෂ 31 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මුදල් අයකැමි ලෙස සේවය කරන ලද කළමණාකරණ සහකාරවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මාරවිල පොලීසිය විසින් අදාළ කාන්තාව ඊයේ (27) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

එම ප්‍රාදේශීය සභාව තුළ කාලයක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇති බව ද පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කළමණාකරණ සහකාරවරිය නාත්තන්ඩිය, අඹගහවාඩිය ප්‍රදෙශේ පදිංචිකාරිනියක් වන අතර, මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා