ගාසාවෙන් ඇහෙන ඇඟ කිලිපොලා යන භයානක ආරංචිය..
By Piyumika
ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තොරතුරු වාර්තා කර තිබේ .
ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි.
මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබෙන බව එම සොවිධානය පවසයි .
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති බවයි.
එම පෝලියෝ වෛරස ප්‍රභේදය VDPV2 ලෙස හඳුනා ගෙන ඇති අතර පසුගිය මාසයේ ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථානවලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බව සඳහන් ය.