අදත් ගිගුරුම් සහිත වැසි

By Mithu Aug 04, 2025 11:34 PM GMT
Report

අද දිනයේද මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ