මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

Report

මාලිමාවේ මැති ඇමතිවරු සිය වැටුප නොගන්නා අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන ලක්ෂ 477 ක් මාසිකව පැලවත්තේ කාර්යාලයේ ගීණුමට බැර වන බවත් එය වාර්ෂිකව ලක්ෂ 5727 ක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ ගාල්ලේ පැවැති දිනන දකුණ සංවාදශීලී ජන හමුවේදීය. දකුණෙන් දකුණට කල යුත්තේ කුමක්ද?, සංවාදශීලී හමුව පසුගිය (03) ගාල්ල වාණිජ හා කාර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ,

"මේක මහජනතාවට වගකියන මන්ත්‍රිවරු පිරිසක් ඉන්න ආණ්ඩුවක් කියාලා එයාලා ජනතාවට බෙරු කියලා බලයට ඇවිත්, මහජනතාවගේ බදු මුදල්වලින් ලබා ගන්නා මන්ත්‍රි වැටුප් පක්ෂයක ගිණුමට බැර කරන එක වැරදී.

පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගෙ විතරක් නොවෙයි ලංකාවේ සැම ප්‍රාදේශිය සභාවකම මන්ත්‍රිවරුන්ගේ වැටුප් මේ පක්ෂයේ ගිණුමට බැර වෙනවාලු. අපි මේ ගනන් බලලා තියෙන්නේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප විතරයි.

මන්ත්‍රිවරයෙක් ලක්ෂ තුනක් විතර වැටුපක් ගන්නවා. මේවා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ ගණන වෙනකොට තව වැඩි වෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. අපි එකට විරුද්ධව අධිකරනයට යැමට සුදනම්.

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

මේ ජනතාවගේ බදු මුදල්වලින් මාසික වැටුප් ලබලා ඒ වැටුප් පක්ෂ අරමුදල්වලට යනකොට ආදායම් බදු ලැබෙන්නේ නැහැ. පරණ ක්‍රිමවලට දේශාපාලනය කරලා දැන් වැඩක් නැහැ. අලුත් ක්‍රිමවේදයකට යා යුතුයි. ඒ ව්‍යාපාරය අපි හදනවා. මේ විදියට බලාගෙන හිටියෝත්මේ විපක්ෂයට තව අවුරුදු 50 වත් බලන් ඉන්න වෙනවා. අපි කිසිම දේශපාලන පක්ෂයක් බලයට ගෙන්න මේ ව්‍යාපරය ආරම්භ කරලා නැහැ. අපි කරන්නේ නිදාගෙන ඉන්න පිරිස අවදී කිරිම පමණයි."

යැයි වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට