මහනුවර වෙව්ලලා ගිය, බෝම්බ බියක් ඇති කළ සැකකරු ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මහනුවර වෙව්ලලා ගිය, බෝම්බ බියක් ඇති කළ සැකකරු ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | A Suspect Who Caused A Bomb Scare

ඒ අගෝස්තු මස 02 වනදා දක්වා ය.

පසුගිය 02 වන දා සිය නඩුවක් කල් දමා ගැනීමේ අරමුණින් සැකකරු මිතුරෙකු ගේ ජංගම දුරකථන අංකයක් උපයෝගි කර ගනිමින් මෙම ව්‍යාජ තොරතුර පොලීසියට ලබා දී තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි සැකකරු, මිතුරෙකුගේ සිම්කාඩ්පත සොරාගෙන තම ජංගම දුරකථනයට එය දමා අදාළ ඇමතුම ලබා ගෙන ඇත.

ඒ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.

එම දුරකථන අංකයේ ලියාපදිංචි හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ඊට ඍජු සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇත.

ඒ අනුව, ඇමතුම ලබා ගැනීමට උපයෝගි කරගත් දුරකථනයේ එමි අංකය ඔස්සේ එහි හිමිකරුව තහවුරු කර ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

දකුණෙ යුවතියන් 04ක් බෝඩිං කාමරයක අමුතු සෙල්ලමක් හොරෙන්ම කරලා.. අවසානයේ උන්හිටි තැනුත් නැති වෙන්නම වුණ දෙය..

දකුණෙ යුවතියන් 04ක් බෝඩිං කාමරයක අමුතු සෙල්ලමක් හොරෙන්ම කරලා.. අවසානයේ උන්හිටි තැනුත් නැති වෙන්නම වුණ දෙය..


සිද්ධිය සම්බන්ධයෙන් ඇමතුම ලබාදුන් පුද්ගලයා සහ දුරකථන සිම්පතේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්ප පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

කෙසේ වෙතත්, දුරකථන සිම්පතේ හිමිකරුව පසුගියදා ඇප මත මුදාහැරියේ ය.