පිටකොටුවේ පරිභෝජනයට නුසුදුසු රසකැවිලි තොගයක් අත්අඩංගුවට
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් පිටකොටුවේ වෙළඳසැලකින් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි, චොකලට් සහ ජෙලි නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටළීමකදී, නිසි ලියකියවිලි හෝ ලේබල් නොමැතිව ආනයනය කරන ලද මෙම ටොෆි, චොකලට් සහ අනෙකුත් රසකැවිලිවල කල් ඉකුත්වීමේ දිනයන් නොමැති බව නිලධාරීන් සොයාගෙන ඇත.
එසේම, මෙම නිෂ්පාදනවල මූලාරම්භක තොරතුරු නොමැති අතර, සමහර නිෂ්පාදනවල ලේබල් ඉවත් කර ඇති බවද හෙළි වී ඇත.
“මෙම නිෂ්පාදනවල ඇතුළත් ද්‍රව්‍ය පිළිබඳ කිසිවෙක් දන්නේ නැත,” යනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පවසති.
ආදාළ වෙළෙන්දාට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනටමත් නීතිමය පියවර ගෙන ඇත.
