අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි

Ministry of Health Sri Lanka Accident Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 07, 2025 02:12 AM GMT
Shehan

Shehan

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, අද(07) සිට එළඹෙන 11 වැනිදා දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වේ.

මේ යටතේ, ජූලි 7 වැනිදා මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 8 වැනිදා සේවා ස්ථානවල අනතුරු වැළැක්වීම, ජූලි 9 වැනිදා නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීම, ජූලි 10 වැනිදා දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනිදා පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, මෙම කාලපරිච්ඡේදය තුළ අනතුරු නිවාරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම, සහ ඉදිරියේදී අනතුරු අවම කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

මුහුදු රළු වෙයි - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක්

මුහුදු රළු වෙයි - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක්

ReeCha