ලබන 19 වනදා සිට විශේෂ සතියක්...

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka Sinhala news
By Hashini May 14, 2025 12:40 AM GMT
Hashini

Hashini

Report

ලබන දහනවවැනිදා සිට (19 වැනිදා) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් තිබෙනවා.

ඒ කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) ආශ්‍රිතවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178කු වාර්තා වී තිබෙන අතරම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

අද මේ ලග්න වල අයට අධ්‍යාපනයෙන් ඉහලටම යාහැකිය....ඉවසිලිවන්තව කටයුතු කරන්න

අද මේ ලග්න වල අයට අධ්‍යාපනයෙන් ඉහලටම යාහැකිය....ඉවසිලිවන්තව කටයුතු කරන්න

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බවයි.

මේ දිනවල ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ පැවසුවාය.

ඇය අවධාරණය කර සිටින්නේ යම් හෙයකින් එම උණ රෝගියා ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනය වීමක් සිදුවිය හැකි බවයි.

සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

 

නියෝජ්‍ය ඇමති චතුරංගට චෝදනාවක්....

නියෝජ්‍ය ඇමති චතුරංගට චෝදනාවක්....

ReeCha