නියෝජ්‍ය ඇමති චතුරංගට චෝදනාවක්....

Report

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙම චෝදනාව දේශපාලනයෙන් ඔබ්බට ගොස් බරපතල අපරාධකාරී හැසිරීම් ඇතුළත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ.

ආවොත් ලස්සන කරලා යවන "ලස්සන දන්සැල" (PHOTO)

ආවොත් ලස්සන කරලා යවන "ලස්සන දන්සැල" (PHOTO)

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තොරතුරු ඇත්නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අදාළ සියලු තොරතුරු වහාම ලබා දෙන ලෙසත්, මැතිවරණ කාලය තුළ එවැනි ප්‍රකාශ වාර්තා නොවූයේ මන්දැයි පැහැදිලි කරන ලෙසත්ය.

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිය ආධාරකරුවන්ට “කුඩු” බෙදා දුන් බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා. 

විශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා…

විශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා…