සියදිවි නසාගත් ගුවන් හමුදා සෙබළා
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Navy
By Sewvandhi
38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හමුදා සැරයන්වරයෙකි.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ, තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවයි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
