යුක්රේන ජනපතිගෙන් ජනපති අනුරට ස්තූති පෝස්ටුවක් [PHOTO]

Anura Kumara Dissanayaka Volodymyr Zelenskyy Ukraine Latest Headlines Sinhala news
By Ashfa Aug 25, 2025 08:53 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් පලකල සුබපැතුම් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර ඇත.

‘X’ ගිණුමේ ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ, “අපගේ සබඳතා තවදුරටත් සංවර්ධනය සඳහා ඉඩකඩ ඇති බවත්, දෙරටටම ප්‍රතිලාභ ගෙනදෙන බවත් අපට විශ්වාසයි,” ඔහු තවදුරටත් පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පලකල පොස්ටුවේ තිබුනේ , දෙරට අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ දිගුකාලීන බැඳීම් ඔවුන්ගේ ජනතාවට සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය කටයුතු කරනු ඇඇතැයි විශ්වාස කරන බවයි.

තවදුරටත් ගැඹුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබිණි.

“වර්තමානයේ යුක්රේනය මුහුණදෙන අභියෝග සහ දුෂ්කරතා ඉක්මණින් විසඳා රටේ සාමය, සමගිය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි,” ජනාධිපති දිසානායක වැඩිදුරටත් එහි පවසා තිබිණි.  

Gallery