2024ට සාපේක්ෂව 2025 රටට විශාල ආදායමක්

Report

එයට අනුව කැපි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,992.53 ක් වන අතර 2024 වසරට සාපේක්ෂව 7.79% ක වර්ධනයක් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක පහත සඳහන් තොරතුරු වැඩිදුරටත් සඳහන් වේ.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

2025 ජුලි මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශ වල මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,641.11ක් බවත් මෙය 2024 ජුලි මාසයට සාපේක්ෂව 12.68%ක වාර්ෂික වර්ධනයක් බවත් වාර්තා වේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසුවේ, “මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි.

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත.“ “ජූලි මාසයේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ඉක්මවා ගොස් පළමු මාස ​​හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වීම සාධනීය අගයකි. ගෝලීය අභියෝග මධ්‍යයේ අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය මෙයින් පිළිබිඹු කරයි.

ඉදිරි අන‌පේක්ෂිත තත්ත්වයන් පිළිබද සැලකිලිමත් වෙමින්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම තුලින් 2025 අපනයන ඉලක්කය සපුරා ගත හැකි බව අප විශ්වාස කරමු. ”