එයාර් ඒෂියා යානයක උඩු ගුවනෙදි දරුණු ගින්නක්, මුළු යානයම අඳුරේ
By Kaushi
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බාලි දූපත් වෙත පියාසර කරමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයක ගින්නක් හටගෙන ඇත.
ඒ අනුව එම ගුවන් යානයේ එන්ජිමෙන් ගිනි දැල් හටගැනීමෙන් අනතුරුව යානය නැවත පර්ත් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට ගුවන් නියමුවන් ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
මේ නිසා ගුවන් යානයේ විදුලි පහන් මුළුමනින්ම නිවී ගොස් ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.