හිටපු ජනපති රනිල්ව අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් [UPDATE]
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඇති වූ දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විපක්ෂ නායක කාර්යාලයේදී පක්ෂ නායක හමුවක් පැවැත්විණි.
විපක්ෂ නායකවරයා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට බලවත් අභියෝගයක් බවත්, එයට මුහුණ දීමට විපක්ෂයේ සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත්ය. ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම හමුව තීරණාත්මක වූ බව ඔහු අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වූ අභියෝග ජය ගැනීම යන ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවිය යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බවත්ය.
සියලු පක්ෂ නියෝජිතයන් එකඟ වූයේ, විපක්ෂය එක්ව කටයුතු කිරීමේ වැදගත්කමයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුවට සහ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව දිගින් දිගටම කටයුතු කිරීමට විපක්ෂ නායකවරයා යෝජනා කළ අතර, ඒ සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.
සියලු පක්ෂ නායකයන් 2025 අගෝස්තු 27 වනදා යළි විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට තීරණය කළහ.
විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් විපක්ෂ නායක කාර්යාලයට ------ @03.00PM
අද දින (25) විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් විපක්ෂ නායක කාර්යාලයට රැස්වී සිටි බව සඳහන්වේ.
ඒ මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග දුන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඔහු වෙනුවෙන් ඉදිරියේ සිදු කළ යුතු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, කාවින්ද ජයවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජීඑල් පීරිස්, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව තිබේ. මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට සහ විපක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් කිහිපදෙනෙකුට දැනුම් දී ඇත්තේ, මේ මොහොතේ එක්සත්ව සිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සටන් කළ යුතු බවයි. ඊයේ උදෑසන කොළඹ ජාතික රෝහලේදී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඔහු බැලීමට පැමිණි විට, රනිල් වික්‍රමසිංහ සියලු විරුද්ධ පක්ෂ තුළ එකමුතුකම අවධාරණය කළ බවත්, සියලුදෙනාටම ඔවුන්ගේ දේශපාලන වෙනස්කම් පසෙකලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත් ‘ඩේලි මිරර්’ පුවත්පතට වාර්තා කරයි.