විලාප තියමින් රටම ගිනිගන්න කොට ඒ ගින්දර නිවුවේ රනිල් මහත්තයා, ඔහුගේ ප්‍රඥා මහිමය රුවන්මැලි නාහිමි පූජාව පැත්තක තියලා රනිල්ගේ ගුණ වයයි

Ranil Wickremesinghe Sri Lanka Politician Buddhism Latest Headlines Sinhala news
By Kaushi Aug 25, 2025 10:30 AM GMT
Kaushi

Kaushi

Report

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමියන් විසින් ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට භාර ගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඥානතිලක නාහිමියන් මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පැතීමට අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ පැවති පුණ්‍ය කර්ම අවස්ථාවකට සහභාගී වෙමින්.

එසේම අනුරාධපුර ප්‍රදේශවාසීහූද අද දින අලුයම මෙම පින්කමට සහභාගී වූ අතර රුවන්වැලි සෑ සුගන්ධ කුටියේදී පූජා පින්කමක් ද පවත්වා තිබුණා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියන් සඳහන් කළේ,

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

"රනිල් වික්‍රමසිංහ කියන්නේ ශාසනයටත් රටටත් මහ මෙහෙවරක් කරපු කෙනෙක්. අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් .ජාතියේ මිනිසුන්ට මෙහෙවරක් කළ කෙනෙක්.ඒ වගේම නිහතමානී දාර්ශනිකයෙක්.ඉතිහාසඥයෙක් .රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මුළු ජීවිත කතාවම කැප කළ කෙනෙක්.යතිවරයෙක් හා සමාන උත්තුංග චරිතයක්. එතුමාගේ මුළු දේපොළම ශාසනය වෙනුවෙන් පූජා කර තිබෙනවා.ඉන්න ගෙදර පවා දරු පරපුරේ ප්‍රයෝජනය වෙනුවෙන් පූජා කර තිබෙනවා. ඒ වගේම සිරිමා බෝ හාමුදුරුවන්ගේ දෙවැනි රන් වැට ඉදි කරමින් ද අටමස්ථානය වෙනුවෙන් ද අපමණ සේවයක් සිදු කරනු ලැබුවා. රටක් ජාතියක් විලාප තැබූ මොහොතක ඔවුන්ගේ කඳුළු පිස දැමුවේ රනිල්. විසාලා මහනුවරක්ව තිබූ රට බාර අරගෙන මිනිසුන් කෑම පෝලිම් පෙට්‍රල් පෝලිම් වල විලාප තියමින් මුළු රටම ගිනිගත් මොහොතේ ගින්දර නිවනු ලැබූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමයයි.අභියෝග භාර ගැනීමේ මහා ශක්තියක් තිබුණු එතුමාට අප නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර මහා සෑය අසල මේ දිනවල දිගින් දිගටම පුද පූජා සිදු කෙරෙනවා.ශ්‍රී මහා බෝධිය ඇතුළු ලංකාවේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම පින්කම් සිදු කරනවා" යනුවෙන්.

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි