දරුණු ගින්නක් නිවාස 4ක් විනාශයි
Sri Lanka Police
Fire
Sinhala news
gagana news
By Mithu
කොත්මලේ පුඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න නැමති වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් මේ වන විට වතු නිවාස හතරක් පමණ විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පෙ.ව. 11ට පමණ එක් නිවසකින් ඇවිලුණු ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, එම නිවාස පේළියේ වතු නිවාස 20ක් පිහිටි බවත් පොලීය සඳහන් කළේය.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
ගින්නෙන් විනාශ වූ වතු නිවාස 4ට පදිංචිව සිටි වතු කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කර ඇති බවත්, ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බවත්, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පූඩළුඔය පොලීසිය පැවසීය.