ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට..

Report

රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් සමන්විත ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු සමග ගජමුතු දෙකක් ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් සමත් විය.

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි.. කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදහන්..(VIDEO)

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි.. කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදහන්..(VIDEO)

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් අලෙවි කිරීම සදහා ගැණුම්කරුවකු සොයමින් සිටින ජාවාරම්කරුවකු පිළිබදව පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා උපාය දූතයකු යොදවා දින කිහිපයක් පුරා අදාළ ජාවාරම්කරු සමග දුරකථනය ඔස්සේ කතා බහ කරමින් ඇති කර ගත් සමීප හිතවත්කමක් ගොඩනගාගෙන තිබේ .

ඔබේ වාහනයට ලගදී දුම් පරීක්ෂාවක් කලාද?..එහෙම නැත්නම් වෙන්න යනදේ සුබ නෑ..වට්ස්ඇප් අංකයකුත් දීලා..

ඔබේ වාහනයට ලගදී දුම් පරීක්ෂාවක් කලාද?..එහෙම නැත්නම් වෙන්න යනදේ සුබ නෑ..වට්ස්ඇප් අංකයකුත් දීලා..

අනතුරුව ජාවාරම්කරු විසින් අදාළ ගජමුතු දෙකෙහි වටිනාකම පවසා ඇති අතර, පසුව මිළදී ගැනීමට එකග බව පැවසූ උපාය දූතයා හට එය අලෙවි කිරීම සදහා මෙලෙස රැගෙනවිත් සිටියදී පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු (29) හැවිරිදි විවාහකයකු වන අතර බුත්තල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකාර ඔහු ඉලෙක්ට්‍රොනික් උපාංග අළුත් වැඩියා කරන්නකු බව පැවසේ .

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමුවේ..

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමුවේ..

අදාළ සැකකරු විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 60ට ආසන්න බවත්, මොහු එය ඉතා සූක්ෂම ලෙස හොර රහසේ සගවා ගෙන බුත්තල සිට පාලවිය දක්වා පොදු මගී ප්‍රවාහන බස් රථ ආධාරයෙන් රැගෙනවිත් ඇති අතර, පාලවිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර වැඩිදුර පරික්ෂණ සදහා පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කල බවයි පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් සදහන් කර සිටියේය.

අදාළ සැකකරුට මෙම දුර්ලභ ගණයේ ගජමුතු කුමන අයුරකින් හමුවී ඇත්දැයි යන්න මේ වන විට පුත්තලම පොලිසිය විසින් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.