නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමුවේ..
By Piyumika
ඉලවාලි පොලිස් වසමේ පණ්ඩතිරිප්පුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි සෙට්ටිකුරිච්චි, පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අසල්වාසියෙක් විසින් මියගිය පුද්ගලයාගේ නිවස දෙසින් දැඩි දුර්ගන්ධයක් හමා ඒම හේතුවෙන් පරීක්ෂා කිරීමේ දී මෘත දේහය එම නිවසෙහි ඉදිරිපිට කොරිඩෝවෙහි තිබෙනු දැක පසුව පොලීසිය දැනුවත් කර තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත මෘත දේහය රැගෙන ගොස් ඇත.