ඔබේ වාහනයට ලගදී දුම් පරීක්ෂාවක් කලාද?..එහෙම නැත්නම් වෙන්න යනදේ සුබ නෑ..වට්ස්ඇප් අංකයකුත් දීලා..

By Piyumika Jul 25, 2024 05:08 AM GMT
Report

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පැවසීය .

වසර අටකට පසු තායිවානය කැළැඹූ 'ගෙමී'..

වසර අටකට පසු තායිවානය කැළැඹූ 'ගෙමී'..

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛන ගත කර ඇති බවය.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි.. කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදහන්..(VIDEO)

ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි.. කාර්ය මණ්ඩලයේ අයෙක් අතුරුදහන්..(VIDEO)

"මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නා වට්ස්ඇප් දුරකථන අංකයක් ජනතා සහභාගීත්වය තහවුරු කරන්න. අධික දුම් පිටවෙන වාහනයක් යනවා නම් ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ලබාදෙන්න කියලා. එවිට අදාළ වාහනහිමියන්ට කැඳවීමක් කරනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යලයකට ගෙනත් පෙන්වන්න කියලා. එතැනදීත් ප්‍රතිචාර නැත්නම් වාහනය අසාදු ලේඛනගත වෙනවා. පසුගිය වසරේ 1800ක් විතර පැමිණිලි ලැබුණා. ඉන් කැඳවීම් කරලා අවසාන වශයෙන් අසාදු ලේඛනගත කළේ 200ක් වගේ. මේ අවුරුද්දේ 517ක් තොරතුරු ලැබිලා තියෙනවා එයින් 93ක් පමණ අසාදු ලේඛන ගත කළා."