නිවසක වහලයක් කඩා වැටෙයි - කාන්තාවක් රෝහල්ගත කරයි..

Sri Lanka Accident Weather
By krishani Sep 03, 2023 12:46 PM GMT
krishani

krishani

Report

අද (03) උදෑසන පැවැති වර්ෂාවත් සමග බණ්ඩාරගම - කුඹුරුගොඩ ප්‍රදේශයේ නිවසක වහලයක් කඩා වැටී තිබෙනවා.

එහිදී එම නිවසේ සිටි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලීසිය සදහන් කළේ අද උදෑසන පැවති වර්ෂාවත් සමග ඇය පදිංචිව සිටි නිවසෙහි වහලය කඩා වැටී ඇති බවයි.

එම අවස්ථාවේදී නිවසෙහි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු රැදී සිට ඇත.

ඔවුන්ට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව පානදුර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ReeCha