අධිවේගී මාර්ගවල අනතුරු වෙන්නේ මේ හේතුව නිසාද? මොකද්ද මේ හේතුව?

Report

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා යෝජනා කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කරනු ලබුවා.

ඔහු පැවසුවේ කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගය එම දුර ප්‍රමාණය සඳහා පවතින්නේ එකම සැපයුම් මධ්‍යස්ථානයක් වන අතර, මෙම තත්ත්වය තුළ රියදුරන් අධික වෙහෙසට පත් වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බවයි.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

එමෙන්ම අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ වැටලු ද පවතින අතර මෙම කාරණා ද රිය අනතුරු සිදුවීමට බලපා තිබෙනවා.

නිදිමත, වෙහෙසකර බව මෙන්ම මාර්ගයේ පවතින මීදුම් සහිත තත්ත්වය සහ වෙනත් බාහිර කරුණු රියදුරන් මුහුණපාන තවත් අපහසුතා බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වයන්ට මුහුණපාන රියදුරන්ට විවේකගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බව ඔහු සඳහන් කළේය.


අවම වශයෙන් කිලෝමීටර් 50කට හෝ එක් නවාතැන්පොළක් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවලද රජයෙන් නඩත්තු කරනු ලබන මෙවන් ස්ථාන ස්ථාපිත කර තිබීම වැදගත් බව පෙන්වාදී දී තිබුණා.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් යතුරුපැදි හෝ මාර්ග නඩත්තු වාහන නතර කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර ඒවායේ මගී ප්‍රවාහන බස් රථ හෝ පෞද්ගලික වාහන නැවැත්වීමේ හැකියාවක් නැත.

කොටස් වෙළඳපොළ දෙවෙනි දිනයෙත් පහළටම

කොටස් වෙළඳපොළ දෙවෙනි දිනයෙත් පහළටම

මහින්ද රාජපක්‍ෂ රෝහල්ගත කරපු කතාවේ ඇත්ත මෙන්න

මහින්ද රාජපක්‍ෂ රෝහල්ගත කරපු කතාවේ ඇත්ත මෙන්න