සජිත් සහ අනුරගේ විවාදය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක්?

Anura Kumara Dissanayaka Sajith Premadasa Sri Lanka Politician Harin Fernando
By Wayomi May 16, 2024 04:16 AM GMT
Wayomi

Wayomi

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිල තියෙන්නේ ලංකාවේ කියලා දැනගෙන හිටියද? - (VIDEO/PHOTOS)

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිල තියෙන්නේ ලංකාවේ කියලා දැනගෙන හිටියද? - (VIDEO/PHOTOS)


කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ විවාදය පැවැත්වීම සඳහා එම දෙපාර්ශවයටම උනන්දුවක් නොමැති බවයි.

"අද ප්‍රධාන අනිත් අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අර විවාදය තියන්න. මොකද මේ විවාදයට දෙන්නම හැංඟෙන ගතියක් පේන්න තියෙනවා. මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කරා රජයේ නිවාඩු දිනයක් නම් කරලා, මේ විවාදය ලංකාවේ මිනිස්සුන්ට බලන්න කියන්න. මේ දෙන්නාගේ විවාදය බලලා රට හදන හැටි. මොකද අභියෝග භාරගන්න බැරි මිනිස්සු කොහොමද රට හදන්නේ කියන එක ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මේක තනිකර ගේමක් යන්නේ. දෙපැත්තම දන්නවා මේක කරගන්න බෑ කියලා. එක්කෙනෙක් බර සිංහලෙන් කතා කරයි. අනෙක් කෙනා බර ඉංග්‍රීසියෙන් කතා කරයි. දෙන්නට දෙන්නා කතා කරපු එක තේරෙන්නේ නැති වෙයි. අපි කරුණාකරලා ඉල්ලනවා කයිවාරුවෙන් නෙමෙයි ක්‍රියාවෙන් කරලා පෙන්වන්න."    

..............................................

May you Like




ReeCha