මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිල තියෙන්නේ ලංකාවේ කියලා දැනගෙන හිටියද? - (VIDEO/PHOTOS)

Mullaitivu Sri Lanka Vattappalai Kannaki Amman Kovil
By Wayomi May 15, 2024 12:37 PM GMT
Wayomi

Wayomi

Report

ලංකාවේ විවිධ ආගමිකයන් විසින් තම සැමරුම් උත්සව සිදුකරන එක අරුමයක් නොවෙයි.

නමුත් මේ කියන්න යන්නේ අරුමපුරුදුම සැමරුමක් ගැනයි. නමුත් මේ ගැන දන්න අයත් ඇති, නොදන්නා අයත් ඇති.

මේ සැමරුම් එහෙමත් නැතිනම් උත්සවය තියන්නේ මුලතිව් ප්‍රදේශයේ.

ඒ අනුව මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ ආරම්භ වුණා.

මෙහි විශේෂත්වය වන්නේ, මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල මෙය වීමයි.

එහිදී කෝවිලේ භාරකාර පූසාරීවරුන් ඉපැරණි සම්ප්‍රදායට ගරු කරමින් අලුයම මුහුදට ගොස් මුහුදු ජලය ලබා ගැනීමට එදා සිටම භාවිත කරන ස්ථානයෙන් මුහුදු ජලය ලබා ගෙන ඒවා හේවිසි, හොරණෑ සහිත පෙරහැරකින් කෝවිල කරා රැගෙන එනු ලබනවා.

පසුව, එම මුහුදු ජලය කෝවිලේ තබා ඇති විශේෂ මංජුසාවක දමා පහන් දැල්වීම පිණිස බැතිමතුන් අතර බෙදා දෙනු ලබනවා.

මෙහිදී පොල්තෙල් වෙනුවට පුරා මාසයක කාලයක් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දෙනාම පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලයෙන්.

වට්ටාපලෙයි මුහුදේ එම ස්ථානයේ ඇති ජලයේ යම් රසායන ද්‍රව්‍යයක් අඩංගු නිසා ඒවා ගිනි ඇවිලෙන ස්වභාවයකින් යුතු බව විද්‍යාත්මකව සනාථ වී ඇති අතර, හින්දු ජනතාව දෙවියන්ගේ හාස්කමක් මත මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි බවට විශ්වාස කරනු ලබනවා.



GalleryGalleryGalleryGallery
ReeCha