ඉන්ධන බෙදා හැරීමේ අර්බුදයක්?

Report

එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින බවයි.

එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියා.

"මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ. නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 09 | අද ලග්න පලාපලය කියන අමුතුම සීක්‍රට් එක මෙන්න

බවුසර් එකක් දෙකක් තියෙන බවුසර් රථහිමියන් තමා, ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ. බවුසර් රථහිමියෝ 400 - 500ක් විතර මේ සංගමයේ ඉන්නවා. නමුත් මේ අය නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සහ මුතුරාජවෙල ඉඳලා කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදෙන්න හදනවා. මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා. ඒ නිසා මේක වහාම නවත්තලා සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා ඒකාධිකාරියකට යටත් කරන්නේ නැතුව පොදු ජනතාවගේ සේවාවක් ලෙස කරන් යන්න අවස්ථාව දෙන්න." 

නැන්දා ගෙදර නැති වෙලේ 11 හැවිරිදි දැරියට මාමා කරපු අපරාධය

නැන්දා ගෙදර නැති වෙලේ 11 හැවිරිදි දැරියට මාමා කරපු අපරාධය