දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්...

By Parami Dissanayake Aug 02, 2024 02:30 PM GMT
Report

කොළඹ කොටුව සහ මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර "ඔඩ්ඩමාවඩි මාකට් පාර" දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොළඹ කොටුව - මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය සැතපුම් 196 දම්වැල් 60 හි පිහිටි "ඔඩ්ඩමාවඩි මාකට් පාර" දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් 2024.08.03 දින 2024.08.03 දින දුම්රිය මාර්ග වසා තැබෙන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්...

ඒ අනුව, 2024.08.03 දින පෙරවරු 7.00 සිට පස්වරු 4.30 දක්වා සම්පූර්ණයෙන්ම ද, 2024.08.03 දින පෙ.ව. 4.30 සිට 2023.08.04 දින පස්වරු 10.30 දක්වා අර්ධ වශයෙන් ද වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම දුම්රිය හරස් මාර්ගය වසාතබන කාලසීමාව තුළ විකල්ප මාර්ගය වශයෙන් "සෙවන හාජියාර් මාවත" භාවිතා කල හැකි බව කළ හැකි බවයි.