උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Report

විභාග දෙපාර්තමේන්තුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවට නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදී 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව සඳහන් වන්නේ සෑම පාසල් අයදුම්කරුවෙක්ම සිය පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් පරිදී මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගයට අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි.

එසේම https://www.doenets.lk/ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත ප්‍රවිශ්ට වීමෙන් නියමිත උපදෙස් කියවීමෙන් අනතුරුව අයදුම්පත් නිවැරදිව ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

එහි තවදුරටත් කියා ඇත්තේ අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය විටදී ඉදිරිපත් කිරීමට සිය භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවයි.

මීට අමතරව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට භාවිත කළයුතු පරිශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බව ද වාර්තා වේ.

තවද 2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසු මෙම විභාගයට අයදුම් කළ නොහැකි බව සඳහන්. එසේම විභාග දෙපාර්තමේන්තුවෙන් දී ඇති මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ කිසිම හේතුවක් නිසා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි

මේ පිළිබඳව යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල ලිපිනය භාවිත කළ හැකි බවද දන්වා ඇත.

දුරකථන අංක

0112784208/0112784537/0112785922

ක්ෂණික ඇමතුම් අංකය 1911

විද්‍යුත් තැපෑල gcealexam@gmail.com

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි