දකුණු අප්‍රිකාවට දැඩි ආපදාවක්
By Hashini
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් පලාතට බලපා තිබෙන අධික වැසි , ගංවතුර සහ හිම සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් රැසක් මියගොස් තිබෙනවා.
ගංවතුරකට හසුවීමෙන් පාසල් දරුවන් රැගත් කුඩා බස් රථයක් ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට එහි තිබී මල සිරුරු 08ක් සොයාගෙන තිබෙනවා.
මේ අතර ටැම්බෝ දිස්ත්‍රික්කයේ ගංවතුරට හසුවූ 7 දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.