"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)

2019 Sri Lanka Easter bombings Anura Kumara Dissanayaka Latest Headlines Decision Making AKD
By krishani Oct 20, 2024 05:19 PM GMT
krishani

krishani

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය අද (20) කටුනායක පැවැත් වූ ජන රැලියට එක්වෙමින් ය.

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)

අනුර හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා කියද්දී.. මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..(PHOTO)


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්‍රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා.

දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා.

දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා.

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා.අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න.

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි. ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ, ඒවාට හිරවෙන්නෙත් නැහැ. අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවාද හංගන්න තියෙන්නේ? කවුද බේරන්න තියෙන්නේ?. ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ, බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ".

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසු දේ ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,



.