අනූවන ඉලක්කය පෙනි පෙනී අතුරෙන් වැටුන ඇන්ටනී..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Aug 01, 2024 06:58 AM GMT
Piyumika

Piyumika

Report

බේරුවල හෙට්ටිමුල්ල නුගගහපාර ප්‍රදේශයේ පොල්ගස් අනූවක අතුරක මල් කැපීමේ කටයුතුවල නිරතව සිටි පොල්රා මැදීමේ වෘත්තිකයෙකු එම අතුරේ මීටර් 25ක පමණ උස පොල් ගසකින් පයලිස්සා ඇද වැටී බරපතල තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

එක් අයෙක් අතුරුදහන් කර තවත් අයෙකුට මරණය ගෙනා උතුරු මුහුදේ බිහිසුණු අනතුර ..

එක් අයෙක් අතුරුදහන් කර තවත් අයෙකුට මරණය ගෙනා උතුරු මුහුදේ බිහිසුණු අනතුර ..

මෙලෙස මියගොස් ඇත්තේ කොස් වාඩිය මහ වැව ප්‍රදේශයේ පදිංචිව සිටි , ජයලත් පේඩි ඇන්ටනී(65) නමැති විවාහයකයෙකු බව පොලිසිය පැවසීය .

මෙම පුද්ගලයා ඊයේ (31) සවස් වරුවේ පොල්මල් කැපීමට පොල් ගස් අනූවකින් සමන්විත අතුරෙ ගසින් ගස ගමන් කරමින් සිටියදී 86 වෙනි පොල් ගසින් අවාසනාවන්ත ලෙස ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොල් රා කර්මාන්තයේ හිමිකරු , මරණ පරීක්ෂකවරයා හා පොලිසිය හමුවේ පවසා තිබේ.

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

මරණකරු මේ වසරේ ජනවාරි මාසයේ සිට මිය යන තෙක් බේරුවල හෙට්ටිමුල් ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වීපොල් රා මැදීමේ සේවාව කර ඇති අයෙකු බව පොලිසිය සඳහන් කර තිබේ .

ReeCha