T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

Piyumika
Report this article
අයි.සී.සී මගින් එලිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන්ගේ හතරවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබේ .
තවද ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්තානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැන්ව සිටී. ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූවෙකි.
මේ අතර නවතම අයි.සී.සී T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 11 කින් ඉදිරියට පැමිණෙමින් Reeza Hendricks සහ Jonny Bairstow සමග 15 වන ස්ථානයේ රැඳී සිටී.
කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 19 ස්ථානයේ පසුවේ.
එලෙසම අයි.සී.සී මගින් එලිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා T20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී ඇත .ඒ ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින්ය.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ශිතා සමරවික්‍රමද එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 20 වන ස්ථානයේ රැඳී සිටී.
මේ අතර නවතම කාන්තා T20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට කවීෂා දිල්හාරි සමත් වී තිබෙන අතර ඇය 17 වන ස්ථානයේ පසුවේ.
