ලෝක කුසලානයක ශ්රී ලාංකිකයෙක් ලබාගත් වේගවත්ම ශතකයක් ඉතිහාස ගත වෙයි - ඒත් එක්කම ක්රීඩා පිටියෙන් ක්රිකට් ලෝලීන්ට ඇහෙන තවත් සතුටුදායක ආරංචියක්.
By krishani
අද (10) ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ලෝක කුසලානයක ශ්රී ලාංකික ක්රීඩකයකු ලබාගත් වේගවත්ම ශතකය කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් අද ලබා ගත්තේ ය.
පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.
ලෝක කුසලාන ක්රිකට් තරගයක දී ශ්රී ලංකා ක්රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක් විය.
එමෙන්ම මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ දී සධීර සමරවික්රම ශතකයක් රැස්කර ගැනීමට සමත් විය.