ජීවත්ව සිටියදී හිමිණමක් විසින් හදාගත් චිතකයේම කාටත් නොකියාම හිමි ණම ගින්නෙන් දැවීයයි.
නවගමුව පොලිස් වසමේ පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමකගේ දේහයක් සොයාගෙන තිබෙන දුර්ලබ පුවතක් වාර්තා වනවා.
දේහය චිතකයක ගිනිගනිමින් තිබියදී ඊයේ (20) දිනයේ සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
උන්වහන්සේ ඊයේ දින සවස 3.15 ට මෙලෙස අපවත් වන බව දිනපොතක සටහනක් තබා ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන් වහන්සේ අමිත අරණ නම් අක්කර එකහාමාරක් පමණ වන අසපුව වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් මෙම සිදුවීමට අදාලව තොරතුරු වාර්තා වන්නේ, පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කර ගෙන තිබී ඇති බවයි.
මේ අනුව, එම චිතකය මත හිද ගිනි තබාගෙන ඇතැයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිදුවීම සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
